දහම් කරුණු


ප්‍රේත අපාය
          ප අද කථා කිරීමට බලාපොරොත්තු වන්නේ සතර අපායවල් වලින් එකක් වන ප්‍රේත අපාය පිළිබදවයි  ප්‍රේත වත්ථුවල සදහන් වන ප්‍රේත කොට්ඨාස 9ක් ගැන අප අද විමසා බලමු.

ප්‍රේත කොට්ඨාස 9
1.පරදත්තෝප  ප්‍රේත කොට්ඨාසය
2.වන්නාස  ප්‍රේත කොට්ඨාසය
3.කුණුපාස  ප්‍රේත කොට්ඨාසය
4.භූතඛාදක  ප්‍රේත කොට්ඨාසය
5.අග්නිජාල මුඛ  ප්‍රේත කොට්ඨාසය
6.තන්හට්ටික  ප්‍රේත කොට්ඨාසය
7.වේමාණික  ප්‍රේත කොට්ටාසය
8.මහා ඉද්ධික  ප්‍රේත කොට්ඨාසය
9.සුන්නිච්ඡාමක  ප්‍රේත කොට්ඨාසය

      පරදත්තෝප ප්‍රේත කොට්ඨාසය ගැන අපි මුලින්ම සාකච්ඡා කරමු. මේ ප්‍රේත කොට්ඨාසය ගැන විමසා බලන කල ධර්මයේ සදහන් වන්නේ පින්ගත හැකි ඒ කියන්නේ තමන්ගේ  ඥාතීන් අනුමෝදනා ගරන පින් ගත හැකි එකම  ප්‍රේත කොට්ඨාසය ‍මේ පරදත්තෝප ප්‍රේත කොට්ඨාසයයි. ඊළඟට බලමු වන්නාස කියන ප්‍රේත කොට්ඨාසය ගැන. මේ  ප්‍රේත කොට්ඨාසයටත්  පින් ගන්න බෑ. ඔවුන් ආහාරයට ගනනේ සෙම් සොටු ආදී කුණුප කොටස් පමණයි. අපි බලමු මීළඟට කුණුපාස කියන ප්‍රේත කොට්ඨාසය ගැන මේ කුණුපාස ප්‍රේත කොට්ඨාශය මළ කුණු තමයි ආහාරයට ගන්නේ. දැන් ඔය මළමිනී පුච්චන කොට ගලන්නා වූ ඕජස් වැනි දේ, වුරුණු තෙල් වැනි දේ තමයි ආහාරයට ගන්නේ. ඔය ප්‍රේත ලෝකේ හොඳ ඉල්ලුමක් තියෙන දෙයක් තමයිලු මේ වුරුණු තෙල් කියලා කියන්නේ. ඒක මේ පොල්තෙල් පැහැයෙන් යුතුව ශරීරයෙහි සම මතුපිටින් තෙල් බිංදු මතු වන්නා සේ දහඩිය සමග එක්ව තෙල් ගතියකින් මතුවන දෙයක්. අපි ඊළඟට බලමු භූත ඛාදක කියන  ප්‍රේත කොට්ඨාසය ගැන. මොවුන් අසූචි ආහාරය කරගෙන ජීවත්වන කොට්ඨාසයක්.මොවුන් ගොඩක් වෙලාවට වැසිකිලි වලවල් ආශ්‍රිතව ජීවත් වෙනවා. ඊළඟට අපි බලමු අග්නි ජල මුඛ කියන ප්‍රේත කොට්ඨාසය ගැන. මොවුන්ගේ විශේෂත්වය තමයි කටින් ගිනි පිට කරනවා. ඉතින් මොවුන්ගේ උදරයයි, උගුරයි පිච්චෙනවා. නමුත් මේ ප්‍රේත කොට්ඨාසය බලසම්පන්නයි. ඊලගට තන්හට්ටික ප්‍රේත කොට්ඨාසය ගැන විමසා බලමු. මොවුන් හැම තිස්සෙම බඩගින්නේ ඉන්නේ. කෑගහනවා, විලාප දෙනවා වේදනාවෙන් ගල් තලාවල උඩුබැලි අතට නිදාගෙන උදරය අල්ලාගෙන කෑගහනවා.     වේමාණික ප්‍රේත කොට්ඨාසය. මේ ප්‍රේත කොට්ඨාසය සැප එක් කලකටත් දුක එක් කලකටත් විදියට ජීවත් වෙනවා. ඊළඟට මහා ඉද්ධික ප්‍රේත කොට්ඨාසය. මොවුන් මහා බල සම්පන්නයි. මොවුන් අතර අනාගතය දකින්න හැකියාවක් සහිත අයද සිටිනවා. ඒ වගේම මොවුන් අතර අතීතය දකින්න හැකියාවක් සහිත අයද සිටිනවා. ඒ වගේම සෘද්ධි බල සම්පන්නයි. ඊළඟට අපි කථා කරන්න යන්නේ බොහෝ දෙනා අහලා තියන ප්‍රේත කොට්ඨාසයක් ගැනයි. ඒ තමයි සුන්නිච්ජාමක ප්‍රේත කොට්ඨාසය. මොවුන්ගේ මුලු ශරීරයට ගින්නෙන් පිළිස්සෙනවා. ගින්නෙන් පිච්චි පිච්චී වේදනාවෙන් කෑ ගගහා අහසේ ගමන් කරනවා. දැන් කාලේ  කොහොමත් දිව්‍ය ලෝකයට යන පිරිස අඩුයිනේ. මිනිස්සු මැරිලා මැරිලා යන්නේ සතර අපායටයි. වර්තමානයේ මිනිස්සු පින් කරගන්න පුලුවන් කාලේ පංච කාමයේ ආස්වාදය විඳ විඳ ඉන්නවා මිසක් කුසල් රැස් කරන්න කිසිම වුවමනාවක් නෑනේ. ඉතින් වයසට ගියාම ඇඳකට සීමා වුනාම පසුතැවෙනවා. ඇයි ඉතින් ශරීරය එතකොට දුබල වෙලානේ. මෙම ලිපිය කියවන ඔබ මෙය සිතට ගන්න. මරණය අප වෙත කොයි මොහොතේ හෝ පැමිණිය හැක. පංච කාමය විදීම නෙවෙයි නියම සැප. ඔබ සැප සොයනවා නම් නියම සැප නිර්වාණයයි. ඔබ සැප යයි කියා ගන්නා  දේ නියම සැප නොවෙයි. එය දුකට කියන තවත් නමක්. දුකට සැප යයි කියා ගන්නා සත්ත්වයෝ දුකේම එල්ලී සිටිති. දුකින් නිදහස් වීමට නිවනට පත් වීමට අප මහා තිලෝගුරැ බුදුපියාණන් වහන්සේ විසින්ම අවබෝධ කලා වූ උතුම් ශ්‍රී සද්ධර්මය අප ජීවිතයට එක් කර ගත යුතුය. බුදුන් සරණ හැර මට වෙන සරණක් නැත. උතුම් ශ්‍රී සද්ධර්මය හැර මට වෙනත් සරණක් නැත. මහා සංඝ රත්නය හැර මට වෙන සරණක් නැත.

මම බුදුන් සරණ යමි
මම  දහම් සරණ යමි
මම සඟුන් සරණ යමි
මම තුණුරුවන් සරණ යමි
කෙලෙස් සටනින් ජල ලබමි. සතර අපායෙන් ගැලවෙමි. උතුම් වූ ශාන්ත වූ සැපය වන නිවන් සැපයට පත් වෙමි. පත් වෙමි ! පත් වෙමි!  පත් වෙමි!