ඇත්ත දකිමු


 
                    ඇත්ත දකිමු
                                                    01 කොටස
                         
          සත් පුරුෂයෙක් සතු ගුණාංග

මදක් සිතන්න ඔබ රැකියාවක් කරන කෙනෙක්ද නැතිනම් ඉගෙන ගන්න, ඉගෙනීම අවසන් කළ කෙනෙක්ද ? කියලා .ඔබට වඩාත් සමීපම පවුලේ කවුද? අම්මා සහ තාත්තා නෙවෙයිද? ඔබට මතක ඇති කාලයක ඉලා ඔබට දෙමාපියන් ආදරයෙන්, කරුණා‍වෙන් ,මෛතියෙන් සලකපු බව. මොහොතක් සිතන්න ඔබ අම්මාට තාත්තාට ඒ ව‍ෙග්ම ආදරයෙන් ,මෛතියෙන් , කරුණාවෙන් එක මොහොතක් වත් සැලකුවද කියලා.වර්තමානයේ සිටින මිනිසුන් තම දෙමාපියන්ව පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් නොගෙන මහලු මඩම්වල දමා යනවා .තමන්ට කුඩා කල සිටම ආදරයෙන්,කරුණාවෙන්  සලකපු ඒ දෙමාපියන්ට අත්වන ඉරණම වන්නේ රෙදි පොට්ටනි අකුලා ගෙන මහලු මඩමක පදිංචියට යාමට සිදුවීමයි.මෙය නොවේ සිදුවිය යුත්තේ.ඒ උතුම් දෙමාපියන්ට තමන්ට හාකි ආකාරයටවත් ඇප උපස්ථාන කල යුතුයි.ඒක සත් පුරුෂ ගුණයක් .එතකොට පළවෙනි සත් පුරුෂ ගුණාංගය තමයි දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම. දෙවෙනි සත් පුරුෂ ගුණාංගය තමයි කුල දෙටුවන්ට සැලකීම.ඒ කියන්නේ මොකක්ද?  කුල දෙටුවන්ට සැලකීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාට,වැඩි හිටියන්ට සලකන එක.ඊළ සත් පුරුෂ ගුණාංගය තමයි දුටුවන්ට පි%යශිලීව ආමන්a%ණය කිරීම.හැබැයි හිතේ තරහක් තිය‍ාගෙන දුටුවන්ට පි%යශිලීව ආමන්a%ණය කරාට ඒක වැඩක් නැහැ.වඩාත්ම හො මෛතී සහගත සිතුවිල්ලෙන් දුටුවන්ට පි%යශිලීව ආමන්a%ණය කිරීම.    හතර වන සත් පුරුෂ ගුණාංගය තමයි කේළාම් කීමෙන් වැළකීම. ඒක ගැන නම් බොහෝ දෙනා දන්නවනේ . ඊළ සත් පුරුෂ ගුණාංගය තමයි  මසුරු බවින් තොරවීම . ඔය මසුරු බව කිව්වම තව මසුරු බවක් තියනවනේ .ඒ මොකක්ද දන්නවද? තද මසුරු බව . ඒ කියන්නේ  තමන් දෙන්නෙත් නෑ. තව කාටවත් දෙන්න දෙන්නෙත් නෑ.එතකොට මසුරු බවින් තොරවීම තමයි පස්වන සත්පුරුෂ ගුණාංගය. ඊළඟ සත් පුරුෂ ගුණාංගය තමයි සත්‍ය කථා කළ යුතුය යන්න. අද ක‍ාලේ කොහොමත් සත්‍ය කථා කරනවා අඩුයිනේ . කිව්වොත් මිනිස්සු කියන්නේ ගල් පැලෙන බොරු.හැබැයි ඉතින් ගල් පැලෙන්න ‍ෙබාරු කියනවා වගේ නෙවෙයි. ඒවායේ කර්ම විපාක මිනිස්සු සංසාරේ ගමන් කරන තාක් පස්සෙන් එනවා. ඊළඟට අන්තිම කාරණය ඒ කියන්නේ අන්තිම සත් පුරුෂ ගුණාංය තමයිතොරවීම කෝධයෙන් තොරවීම කෝධයන්  තොර වීම කෙසේ වෙතත් වර්තමානයේ කෝධයෙන් දැවෙන මිනිසුන්  සුලබවම දැකගන්න පුලුවන් . ඔය ගොඩක් මිනිසුන්ගේ ශරීර  කිසිම පැහැපත් බවක් නැත්තේ පෙර භව වල වැඩි වශයෙන් වෛරයෙන්,ද්වේෂයෙන් ජීවත් වීම නිසයි.ගොඩක් පුද්ගලයෝ ද්වේෂ කිරීම තමයි ලොකුම දේ ,තමන්ගේ බලය පේන්නේ එතකොටයි කියලා හිතනවා . හැබැයි කෝධ කිරීම විනාශයට පිරිහීමට දුකට පත්වීමට හේතුවක්. මේ සත් පුරුෂ ගුණාංග  සක් දෙවිවීමට තිබිය යුතු ගුණාංග (පිං). තව දෙයක් තමයි මේ ගුණාංග සහිත පුද්ගලයා තව්තිසාවේ දෙවියන් විසින් සත් පුරුෂයෙක් ලෙස හඳුන්වයි.





ඇත්ත දකිමු
                                                                 02 කොටස

                                    බන්ධනය

          අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඇසුරට පත්වූ පුරුෂයා ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රිය පුරුෂයා කෙරෙහිත් බැී යන අකාරය ගැනයි.                                                            විවිධ පුද්ගලයන් සිතා සිටින්නේ ටික කාලයක් ආශ්‍රය කිරීමෙන්
අනතුරුව තම සහකරු හෝ සහකාරිය සොයා ගත හැකි බවයි. නමුත් එසේ ආශ්‍රය කිරීමට ගොස් තම ජීවිතය විනාශ කරගත්, කෙළෙසාගත් පුද්ගලයන් හා දුකට, විපතට පත් පුද්ගලයන් අද සමාජයේ කොතරම් නම් සිටිනවාදැයි සොයා බැලුවහොත් ඔබටම වැටහේවි. ඒත්  එක්කම ආශ්‍රය හින්දාම සත්‍ය යටපත් වී වැහීගොස් ඔවුන් යම් කිසි බන්ධනයකට හසු වීමද නොවැළැක්විය හැකිය. අප ශාන්ති නායකයානන් වහන්සේ ඇසුරට පත් පුරුෂයා ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රිය පුරුෂයා කෙරෙහිත් අට ආකාරයකින් බැදී යන බව දේශනා කල සේක.
          පළමුවැනි බැ‍ෙන ආකාරය තමයි රූපේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති ඒ කියන්නේ රූපයෙන් තමයි ඉස්සෙල්ලාම බැඳිලා යන්නේ. ඔය ගැන ඉතින් අමුතු‍ෙවන් කියන්න දෙයක් නෑනේ. මිනිස්සු  රූපයක් දැක්කම ඉතින් ඒක අයිති කරගන්න නොකරන දෙයක් නෑනේ. මිනීත් මරණවා. අන්තිමට දැකපු රූපයක් පස්සේ ගිහිල්ලා ඉතුරු වෙන්නේ දුකම තමයි. ඊළට දෙවනුව බැී යන ආකාරය තමයි හසි‍ෙතන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති ඒ කියන්නේ සිනහවෙන් තමයි ඊළට බැිලා යන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවනේ බලන්න බැරි විදියට ඒ කියන්නේ මහා බලු විදියට හිනාවෙන පුද්ගලයන් හිනාවෙනකොට  හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි අනික් මිනිස්සුන්ට මහා අප්‍රසන්නයි ඒ අය‍ෙග් හිනාව. හැබැයි ඉතින් අර ආසාවෙන් බලන් ඉන්න  පුද්ගලයන්ට අර අනිත් මිනිස්සු අර හිනාවෙන පුද්ගලයන්ගේ හිනාව ගැන කියලා බනිනකොට අර ආසාවෙන් බලන්  ඉන්න පුද්ගලයන් මොකවත් වචනයක්වත් ඒ ගැන කියන්න දෙන්නේ නෑ. බලාගෙන යනකොට මාර බැිල්ලක් බැිලා ගිහිල්ලා තියෙන්නේ. ඊළට බැදිලා යන තුන්වෙනි ආකාරය තමයි භණතෙන  භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. ඒ කියන්නේ කථාවෙන් තමයි ඊළ  බැදෙන්නේ. සමහරු ඉන්නවා පොඩ්ඩක් එහාට මෙහාට   ඇඹරි ඇඹරී වැනි වැනි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කථා කරන කොට වශී වෙලා යනවා කියන්නේ තමන් ඉන්නේ කොහද කියලවත් දන්නේ නෑ. කුණු   හරුපයක් කිව්වත් ඒක හොදට බලාගෙන අහගෙන ඉදීවි. බැිලා ගියාම ඉතින් ඔහොම තමයි. ඊළට බැිලා යන හතර වන ආකාරය තමයි ගීතෙන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති”. ඒ කියන්නේ ගීතයෙන් තමයි ඊළට බැිලා යන්නේ. හොරණෑවක් වගේ හූ කියමින් සිංදු කිව්වත් සමහර බැිලා ගිය  මිනිස්සුන්ට කනට මී පැණි වක්කරනවා වගේ හොට ආසාවෙන් අහගෙන ඉන්නවා .මේවා ගැන ඉතින් කථා කරනවා නම් දවසකටත් වැඩියෙන් යාවි ඉවර කරන්න.