චතුරාර්ය සත්‍යය





චතුරාර්ය සත්‍ය නම්

ලෝකය දුකය.
ඒ දුක තෘෂ්ණාව නිසා හටගත්තේය.
මේ දුකින් මිදීම හෙවත් නිවනක් ඇත.
එය අරිඅටැි ම නැමැති ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් පසක් කළ යුත්තේය.

යනු ඒ සත්‍ය සතරයි.

        දුක

   ලොව වෙසෙන සියලු සත්ත්වයෝ සැප බලාපොරොත්තු වෙති.සත්ත්වයන් සැප යනුවෙන් අදහස් කරන්නේ

තමා දකින දේ ප්‍රිය දෙයක් විය යුතුයි(රූප කාම)
අසන දේ මිහිරි විය යුතුයි(ශබ්ද කාම)
අඝ්‍රාණය කරන දේ සුව විය යුතුයි(ගන්ධ කාම)
දිවට දැනෙන දේ මිහිරි විය යුතුයි(රස කාම)
ශරීරයෙහි ගැටෙන දේ සුවපහසු විය යුතුයි(ස්පර්ශ කාම)

යන පඤ්ච කාමයයි. මේ සත්ත්වයා කාම ලෝකයේ ඇති සියල්ල විද ගන්නා ආකාර පසයි.මෙයින් වෙන් වූ ලෝකයක් ඔවුන්ට නැත.  මේ පඤ්ච කාමය .තමා රිසි  පරිදි ප්‍රියජනක ලෙස ලැබෙන විට සත්ත්වයෝ එය සැප යයි කියති. ඒවා ඒ අයුරින් නොලැබෙන විට දුක යයි කියති.
     නමුත් මෙහි තිබෙන ගැටලුව වන්නේ මේ පංච කාමයන් සත්ත්වයා කැමති පරිදි එක දිගටම භුක්ති විින්නට ඉඩ නොලැබීමයි.
     එයට හේතු  දෙකක් ඇත.
 පළමු වැන්න අනිත්‍යතාව ලොව සියල්ලටම පොදුය. උදාහරණයක් ලෙස ඇසට  ප්‍රිය වූ මල පරවී අප්‍රිය වී යයි. මිහිරි වූ  හඩ ගොරෝසු වී අමිහිරි වේ. රස ආහාර පිලුනු වී  නී රස වේ. මිහිරි සුවද මැකී දුගද මතු වේ. සුවපහසු දෙන මද සුළ උණුසුම් වී රලු පහස දෙයි. මෙසේ බලන කල වරෙක සැප ගෙන දෙන දෙයම වරෙක දුක ගෙන දෙන්නේය.
දෙවන කරුණ අතෘප්තිකර ස්වභාවයයි තමන් අපේක්ෂා කල දෙය ලැබෙන තුරු සත්ත්වයා පසු වන්නේ නොඉවසිලිවන්තයෙනි. එවා ලබ‍ා ගනු පිණිස වෙහෙසෙයි, සටන් කරයි, ධනය වියදම් කරයි. එහෙත් සිය බලාපොරොත්තු ඉටු වූ පසු කිසිවෙක් එයින් සෑහීමකට පත් නොවෙති. මේ නිසා කිසිවෙකුටත් ක‍ාමයෙන් තිර සුවයක්  නොලැබේ.
     මෙහි ඊළ ප්‍රතිඵලය වන්නේ තව තවත් වඩා මිහිරි කාමයන් සෙවීමය. ඒ  සදහා වෙහෙස විය යුතුය. ධනය සෙවිය යුතුය. එය තවත් දුකකි. මෙසේ නිරතුරුව සැප බලාපොරොත්තු වන සත්ත්වයා පඤ්ච කාමයෙන් සෑහීමකට පත් ‍ නොවී මියයයි. එවිට ඒ අපේක්ෂා ඔහු තවත් භවයක් කරා පමුණුවයි. මේ අනුව සත්ත්වයා ජීවත් කරවන්නේත් ඔහු භවයෙන් භවයට ගෙන යන්නේත් මේ නොනිමි අපේක්ෂාවන්ය.
   ලෝකය දුක යයි කියන්නේ එහි ඇති ආවේණික ලක්ෂණ 3 නිසාය.
1.     ලෝකය ජරා, වියාදි, මරණ ආදී  වශයෙන් පීඩා ‍ෙගන දෙන සුලුය. (දුක්ඛ දුක්ඛ)
2.     ලෝකය වෙනස්වන සුලුය. (විපරිනාම දුක්ඛ)
3.     ලෝකය  හේතු ප්‍රත්‍යන්ගේ එක් වීමෙන් සෑදුනේය(සංකාර දුක්ඛ)‍

මෙහි තුන්වන සංස්කාරයන් අර්ථ දෙකකින් සත්ත්වයන්ගේ දුකට හේතු වේ. එකක් නම් රැස්වීමයි. මෙලොව ඇසෙන, පෙනෙන, දැනෙන සෑම දෙයක්ම  හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ රැස්වීමෙන් සෑදුන දේය. සත්ත්වයා ඒ බව නොදැන හෝ නොසලකා සකස් වූ දේ සැබෑ දේ ලෙස පිළිගනිති. සම්මත නම් සැබෑ නම් සේ සලකති. ඒවායේ ඇලෙති. මමද මගේය  කියා ඒවා ලබා ගැනීමට රැක ගැනීමට වෙහෙසෙති. ඒවා එහි හේතු ප්‍රත්‍යන්ට හිමි ඉරණමට ගොදුරු වී නැසී යන විට ඔවුහු තැවෙති.

    සංස්කාරයන්ගේ දෙවන අර්ථය රැස් කිරීමයි.  එනම් කර්මය. සත්ත්වයා භවෙන් භවය සැරිසරන්නේ   මේ කර්ම රැස් කිරීම නිසාය. කර්ම රැස් කරන්නේ ඉහත කී හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් සංස්කාර ධර්ම කෙරෙහි ඇති බැදීම නිසාය. පඤ්ච කාමයන්ද එයින් එකකි. මේ අනුව මේ දෙයාකාරයෙන්ම  සලකා බලන කල සංස්කාර ධර්ම සත්ත්වයාගේ දුකට හේතු වන්නේය.

දුකට  හේතුව
ලෝකය සකස් වී ඇත්තේ නාම රූප ධර්මයන්ගේ  එකතුවෙනි. රූප යනු  පටවි, ආපෝ,තේජෝ,වායෝ ආදී  හේතු පුත්‍යන්ගෙන් හටගත් දෙයකි. භෞතික ලෝකයත් සත්ත්ව ශරීරයත් රෑප ගනයට වැටේ
නාම යනු සත්ත්වයන්ගේ වේදනා (දැනීම්) සංඥා  හැදිනීම සංකාර රැස් කිරීම හෙවත් කුසල අකුසල සිතිවිලි විඥාන චිත්ත පරම්පරාව යන ස්කන්ධ සතරයි.  මෙසේ නාම රූප ධර්මයන්ගේ එකතුවෙන් සකස් වූ නිසා  භෞතික ලෝකය යන සමස්ත ලෝකයම සංඛාර යනුවෙන් හැදින්වේ.
සංස්කාරයන්ගේ පොදු ලක්ෂණ 3 කි.
උත්පාද (ඇතිවීම)
ධිති (පැවතීම)
භංග(නැතිවීම) යනුවෙනි.
මෙහිදී සංස්කාරයන්ගේ ඇතිවීම පෙනේ. නැතිවීමද පෙනේ. එහෙත් පැවතීමක් සැබැවින්ම පෙනෙන්නට නැත. ඇත්තේ ඇතිවී‍ෙම් සිට නැතිවීම දක්වා යන ගමනකි. පැවතීම යයි කියන්නේ ඒ අතර ගතවන කාලයටය. ‍  එසේ නැතිව පැවතීමක්  නොවේ.
නිදසුනක් ලෙස උපතේ සිට මැරෙන තෙක් දක්වා කිසිවෙකුගේ ජීවිතයේ නැවතී තිබෙන අවස්ථාවක් නැත. එසේ නම්  මහලු වීමක සිදුවිය ‍ නොහැකිය. දුක ගැන විස්තර කිරීමේදී දැකු වූ පරිදි ලෝකය පිළිබද යමි සම්මත වලට එළ‍ෙන්නේ මේ දෙවන අවස්ථාව ස්ථීර තත්ත්වයක් යන මුළාව නිසාය.කෙසේ වෙතත් සත්ත්වයාගේ එක් භවයක  පැවැත්මත් භවයෙන් භවයට යන සසර පැවතීමත් සිදුවනුයේ මේ පිළි‍ෙවලටය.