භාවනා



විදර්ශනා භාවනා

                                  මා මෙම පළමු ලිපිය ලිවීමට මාතෘකා වශයෙන් තබා ගත්තේ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් සම්පාදනය කරන ලද‍‍ චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව නමැති කෘතියයි. පහතින් දැක්වෙන්නේ එම කෘතියෙහි ප්‍රස්තාවනාවෙන් උපුටා ගත් කුඩා කොටසකි.
චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාවවනාහි ධ්‍යාන-  මාර්ග- ඵල- අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රම‍ෙයකි. මෙය ඉතාම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය.
සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය - දුක්ඛ- රෝග- ගණ්ඩාදී වශයෙන් නුවණින් මෙනෙහි කල යුතු බව බන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථිත වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය.

 මෙය ඉතාම විස්තර කර ඇති විදර්ශනා භාවනා ක්‍රමයකි. මෙහි භාවනා පද වශයෙන් 40 ස‍‍දහන් කර තිබේ. එම භාවනා පද 40 විස්තර වශයෙනුත් ඉතා වටිනා නීවරණ විස්තරයකුත්  මෙම කෘතියට ඇතුලත් කර ඇත.
එම කෘතියෙහි සදහන් භාවනා පද 40 මා පහතින් සදහන් කරමි.

භාවනා පද 40

අනිච්චා,දුක්ඛා,රෝගා,ගණ්ඩා,සල්ලා, (5)
අඝා,ආබාධා,පරේ,පලෝකා,ඊති, (10)
උපද්දවා,භයා,උපසග්ගා,චලා,පභගු, (15)
අද්ධුවා,අතාණා,අලේණා,අසරණා,රිත්තා,(20)
තුච්ඡා,සුඤ්ඤා,අනත්තා,ආදිනවා,විපරිණාම ධම්මා,(25)
අසාරකා,අඝමූලා,වධකා,විභවා,සාසවා,(30)
්ඛතා,මාරාමිසා,ජාතිධම්මා,ජරාධම්මා,ව්‍යාධිධම්මා ,(35)
මරණධම්මා, සෝකධම්මා,පරිදේවධම්මා,උපායාසධම්මා,සංකිලේසිකධම්මා. (40)
(රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ චත්තාලිඝාකාර මහා විපස්සා භාවනාවනම් කෘතියේ 2 සහ 3 පිටු වලින් උපුටා ගත්තකි)
මෙම භාවනා පද 40 වෙන වෙනම මෙම කෘතියේ විස්තර කර ඇත. මීට අමතරව පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස පංච නීවරණයන් පිළිබවද වටිනා විස්තරයක් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.
ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සම්පාදනය කර ඇති මෙම විපස්සනා භාවනා කෘතිය සංසාර දුකින් අත මිදීම පතා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සදහාත් මෙම භාවනා ක්‍රමය මෙය කියවා බලන ඔබ සැම යොදා ගනිත්වා!

ප්‍රඥ්ඥා වන්තයෝ ධර්මානුකූලව ජීවත් වෙති! ධර්මාවබෝධය කිරීම සදහා උත්සාහ කරති! ධර්මාවබෝධය ලබති!
සංසාර දුකින අත මිදීමට කැමති පින්වත්හු මෙම චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වඩත්වා!

                   ඔබට ඉතා ප්‍ර%‍යෝජනවත් වන   ‍රේරුකානෙa
චන්දවිමල මහනාහිමි‍ගේ  ග්‍රන්ථ

විනය ග%a
       ශාශනාවතරණය
       විනය කර්ම පෙd
       උපසම්පදා ශීලය
       උභයප්‍රා%තිමෝaක්aෂය(අනුවාද සහිත)
අභිධර්ම %a
              අභිධර්ම මාර්ගය
       අභිධර්මයෙa මූලික කරුණු
       පට්ඨාණ මහා %කරණ සන්නය
       අනුවාද සහිත අභිධර්මාර්ථ සං.%හය
භාවනා ග%a
              විදර්ශනා භාවනා  ක්‍රමය
        පෞරාණික  සතිපට්ඨාන භාවනා ක්‍ර%මය
       චත්තාලීසාකාර මහා විපස්නො භාවනාව
              සතිපට්ඨාන භාවනා වි‍වේචනය හා වෙනත් කෘති
ධර්ම %a
          චතුරාර්ය සත්‍යය 
       පාරමිතා  ප්‍රකරණය
              ‍බෝධිsපාක්ෂික ධර්ම විස්තරය
              පටිච්ච සමුප්පාද විවරණය
              ධර්ම විනිශ්චය
              ‍‍‍‍‍
              මංගල ධර්ම විස්තරය
       පුqණෙ‍‍‍්‍ය්‍දේශය
              සූවිසි මහා ගුණය
        පො‍හොය දිනය
       කෙලෙස් එක්දහස් පන්සියය
       චඤaචක ධර්ම හා චිත්a‍තෝපක්a‍‍‍‍‍‍ෙල්ෂ ධර්ම
              බුද්ධනීති සංග%හය
       නිsර්වාණ විනිශ්චය හා පුනරුප්පත්ති %මය
       ‍බෝධි පූජාව
       Four Noble Truths(චතුරාර්ය සත්‍යය පරිවරිතනය)